Sunday, November 7, 2010

වැදූ මවට, උපන් රටට ණයකාරයකු නොවී මිය යන්න................

දස මසක් කුස දරා ලේ කිරි කර පොවා අප දැඩි කළ මවට කවදා නම් ඒ ණය ගෙවා නිම කළ හැකිද? එහෙත් ඒ අම්මාගේ දෑසින් අප වෙනුවෙන් සතුටු කඳුළක් හෙළීමට අපට හැකි නම් ඒ උත්තරීතර වූ මාතෘත්වයට එපමණකින් සෑහීමකට පත්විය හැකි බව අපි දනිමු.
                         එළෙසම උපන් දා පටන්ම පය ගසා සිටින මේ මහ පොළොවට අප කෙතරම් ණය ගැතිද? වැදූ මව සියළු වේදනා විඳිමින් අප බිහි කළා සේ, සියළු වේදනා අප වෙනුවෙන් අමතක කරන්නා සේ ලක් මව් තොමෝ ද ජාතියේ උපන් සියලුම දූ පුතුනට එකම අයුරකින් සහයෝගය දක්වන්නීය.
                         ඒ ලක් අම්මා වෙනුවෙන් අඩ සිය වසකට අධික කාළයක් පුරා ජීවත් වන අප ලබා දුන්නේ මොනවද? කිසිවක් නැත. හැමදාමත් අප ඇයට ඉතිරි කළේ කඳුළම පමණි. ඇගේම ඇකයේ නැළවූ දූ පුතුන් අවුරුදු තිහක් පුරාවට දෙකට බෙදී ඇය වෙනුවෙන් කුළල් කා ගත්හ. කෙතරම් වේදනාවක් එහිදී ඇයට දැනෙන්නට ඇත්ද? නිදහස දිනූ දා පටන්ම ලෝකය ඉඳිරියේ සන්වර්ධනය වෙමින් පවතින දේශයක්ය යන ලේබලය ගැසීමට තරම් අප අකාරුණික වූහ. එහෙත් මේ සෑම දෙයක් දෙසම උපේකෂා සහගතව බලාහුන් ඕ තොමෝගේ සෙනෙහසෙහි අඩුවක් කිසිවිටෙක අපට නොදැනෙන්නේය. 
                       දැන් අප තාක්ෂණය ඔස්සේ යොධ පියවරක් තබමින් සිටින්නේය. එහෙත් ඒ අම්මාගේ ආදරණීය වූ දූ දරුවන් පිරිසක් දෙකට බෙදී ඒ තාක්ෂණික දියුණුවට මඟ අවුරමින් සිටිති. ලක් අම්මාගේ නාමයෙන් ඔබට ඇය හට ද්‍රෝහි වීමට පුලුවනිද? නැත. එය ඔබට නොහැකි බව මම හොඳින් දනිමි.  
                      ඇය අප වෙනුවෙන් ඉවසූ තරම් අපට ඉවසිය නොහැක. ඇයගේ වේදනාව මඳක් හෝ සමනය කිරීමට අපට නොහැකිය. වැදූ මවගේ රත් වූ රුධිරයට මිලක් නියම කළ නොහැක්කා සේ ලක් මවගේ සුසුම් වලටද මිලක් නියම කළ නොහැක. එය ඩෙවා නිම කළ නොහැක.
             ඒ උත්තරීතර වූ අම්මාගේ දෑසින් වැටෙන කඳුළු තවරා සිනාසෙන්නට දිරි දීමට අපට පුළුවනි. ඇගේ දුවා දරුවන් ඇය කෙරෙහි ඇති ආදරය අපට පෙන්විය හැක. 
                      ඒ මතෘත්වයේ නාමයෙන් මිය යාමට මොහොතකට පෙර හෝ රට වෙනුවෙන්, උපන් දේශය වෙනුවෙන් තම මෙහෙවර ක්‍රියාවෙන්ම ඉටු කර පෙන්වමු.

Friday, November 5, 2010

අවදි වන්න අවදි වන්න.දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.

Author : Nayomi Rajika
Editor : Bashini Mahaarachchi

තිස් වසක් පුරා පැවති සාප ලත් යුද්ධය නිමා විය.ශ්‍රී ලංකා ධරණි තලය මත සාමයේ මල් විකසිත වී සුවඳවත් කරමින් දසත හිනැහෙන වකවානුවකි මෙය.තිස් වසරක් පුරාවට ඇණහිටි සංවර්ධනය සීග්‍රයක් කරා ගෙන යාමට අන් කවරදාටත් වඩා හොඳ අවස්ථාවක් ලැබී තිබේ.
ජපනුන්ට තම හැකියාවන් පෙන්වීමට හිරෝශිමාව,නාගසාකියට බෝම්බ දමන තුරුම නොහැකි විය.අපේ සංවර්ධනයට අප තිත තැබුවේ මිලේච්ච ත්‍රස්තවාදයට ශාප කරමිනි.අද ජපනුන් හපන්නුය.ලංකාවේ යුද්ධය අවසානය.එහෙත් ලක් දිව සංවර්දනය????
එසේනම් ජපනුන් වීමට නැතිනම් ජපනුන් අභිබවා යාමට අප කුමක් කළ යුතුද?අඳුරු වූත් ගොරහැඬි වූත් ඒ බියකරු අතීතය අමතක කළ යුතුය.උදා වූ වසන්තයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුය.සියළු භේද හැර දමා සැබැවින්ම එකම මවකගේ දරු කැළක් ලෙස නැගී සිටිය යුතුය.තැන තැන කට මැත දොඩවමින් එකිනෙකාගේ වැරදි සොයමින් කියව කියවා ඉඳීම අත හැර දිවා රෑ එක ලෙස මහන්සි වී වැඩ කළ යුතුය.
කතාව අඩු කර ක්‍රියාවෙ අප විශ්ව කර්මයන් බව පෙන්විය යුතුය.රට වෙනුවෙන් තම දිවි කැප කරන්නටද සූදානම් වූ උතුම් ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනක් විසූ මේ ලක් දිව වෙසෙන අප හට රටේ දියුණුව වෙනුවෙන් එක දා බිඳුවක් හෙලන්නට නොහැකිනම් එය ලැජ්ජාවට කරුණකි.සැබෑ ශ්‍රීලාංකික බවට නිදසුනකි.
රටේ සංවර්ධනය සිදු කළ යුත්තේ නාමිකව නොවේ.නොහොත් කිසිඳු තේරුමක් නැති ආකාරයට නොවේ.ලොව වෙනත් රටවල් හා සාපේක්ශව ඒවා සමඟ කරට කර තරඟ වදින්නට සූදානම් විය යුතුය.අප සංවර්ධිත යැයි අපේ මට්ටමින් නොව ලෝක මට්ටමින් හෙළි විය යුතුය.
රට ගොඩ නැගීමට සවිය වීමට අප සූදානම්ය.ශ්‍රී ලාංකීය ප්‍රෞඩත්වය ලොවට හඬ ගා කීමට ඔබත් කැමතිනම් එක් වන්න අප සමඟ අතැර වහසි බස් වලට ඇති ලොල් බව.....

ගොඩ නඟන්නට රටේ දියුණුව දෙන්න දිරි සවි JAVA කැළ වෙත.

Author : Nayomi Rajika
ලොවම බයෙන් ඇලලූ රුදුරු LTTE ත්‍රස්තවාදයේ ගිනිදැල් නිවාරන්නට තරම් දිරියක් සවියක් තිබූ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන්ය.ත්‍රස්තවාදය සමඟ උරෙනුර ගැටී සටන් කිරීමට තරම් ඉහළ චිත්ත දෛර්ය‍යක් තිබූ දේශය මේ ශ්‍රී ලාංකික දේශයයි.
තුන් වේල බතින් කුස පුරවා ගත් අල බතල කන ජාතියක උපන්,කැත්තේ උදැල්ලේ වැඩට සමත් වූ අපේම ගම් වල දූ පුතුන්ගේ සිත් තුල උපන්රට රැකගැනීම සඳහා ඇතිවූ ඇල්ම නිසාවෙන් කිසිදා නුපුරුදු ගිනි අවිය අත දරා වැදූ මවට වඩා ලක් මවට බැඳි සෙනෙහසේ ආනුභාවයෙන් සිදු කළ සටන කෙලවර දහස් ගනනකට දිවි අහිමි වුවද,දහස් ගණනින් ආබාධිත වුවද තවදුරටත් ලක්ෂ සංඛ්‍යාත ජනකායකට නිදහසේ වෙසෙන්නට ඉඩහසර උදා වුනි.එසේනම් තාරුණ්‍යට සිදු කළ නොහැක්කේ කුමක්ද?නිවැරදි නායකත්වයක් හමුවේ දිවි පරදුවට තැබීමට තරම් උසස් මනසක් සහිත වූ දූ පුතුන් වෙසෙන රටක දිනූ දේශය ජැකගන්නට ඒ පුතුන් මෙහෙය විය නොහැකිද?
නිවැරදි නායකත්වය හරහා "දියව්" යන සටන් පාඨය අතහැර රට වෙනුවෙන් වැඩ කිරීමට ඔවුන් පෙළඹවිය නොහැකිද?
එය ඉතා හොඳින් සහ ඉහළින් සිදු කළ හැක.
ලොවම භිරාන්විත කරවූ ත්‍රස්තවාදය පැරද වූ දූපුතුන්ට රට සංවර්ධනය කල නොහැකිද?එය කල හැකිය.එදා එසේ අවි ආයුධ ගැන දනුම ලබාදුන්නා සේ ඒ වෙනුවට අද අවැසි වන්නේ ලොව පවතින නව තාක්ෂණය පිළිබඳ දැනුම පමණි.එය සොයා අපට ලොව පුරා සංචාරය කළ නොහැක.කල හැක්කේ එම තාක්ෂණය අප දෙපා අසළට ගෙන්වා ගැනීම්යි.ඒ සඳහා අන්තර්ජාලය භාවිතා කල හැක.ඒ හරහා අපේ සිතුවිලි ,අපේ අදහස් තාක්ෂණය සමඟ මුසුකළ හැක.
නැවතත් ලොව උත්තරීතර රාජ්‍යයක් බාට ලක් මෑණියන් පත් කිරීමට වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නෑඉ අදාළ තාක්ෂණය නිසි පරිදී ලබා දීමයි.
රට ගොඩ නැගීමට තාරුණ්‍ය සූදානම්ය.එයට දිරිදීමට ඔබ සූදානම්ද?
සියලු බාධක දුරැර එන්න අප හා එක් වන්න.
නොවැම්බර් 19,20,21 යන දිනයන්හිදී SLECC හිදී JAVA Sri Lanka සමඟින්..............

Thursday, November 4, 2010

වැව් බැඳි රාජ්ජයෙන් වෙබ් බැඳි රාජ්ජයට

Author : Nayomi Rajika
වසර තිස්පන්දහසක් තරම් ඈත අතීතයකට හිමිකම් කියනා ලොවක් දිනන්නට රජුන් තනන්නට උපන් හපන්කම් පෑ දැක්වූ ජාතියකි.ශ්‍රී ලාංකිකයන්  ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයට අනුව යමින් සංස්කෘතිය,සාහිත්‍ය අනුව කටයුතු කරමින් ගම් රටවල් දියුණු කළ පෞඩ ජාතියකි අප.
පෙරදිග ධාන්‍යාගාරය යැයි නම් දරමින් ලොවටම බත සැපයූ අප රට නොසැලුණු,නොබිඳුනු ජාතියක් ලෙස ලොවම මවිත කරමින් විශ්මිත වූ නිර්මාණ ඉදිරිපත් කරන ලද්දා වූ ශ්‍රී ලාංකික කලාකාමී හදවත් වලට අද සිදුවී ඇත්තේ කුමක්ද?
නව තාක්ෂණයේ සංයෝජනයත් සමඟ විශ්මිත නිර්මාණ යලිත් සිදු කළ නොහැකිද?නැවතත් ලංකාවේ වූ සියලු කෙත්වතු අස්වද්දන්නට කිසිඳු දේශයකට අත නොපා ශ්‍රී ලාංකිකයන් ලෙසම අභිමානවත්ව නැගී සිටින්නට අපට නොහැකිද?
නැත එය සිහිනයක් නොව සැබෑවක් කළ හැක.කෙසේ හෝ සැබෑවක් කර ගත යුතුය.එසේ කරන්නට ලොව පවතින ඉහලම තාක්ෂණික දැනුම සමඟ අප මුසු විය යුතුය.ලොව සිදු වන සියලු දේ පිළිබඳ තතු එසැනින් සත්‍ය ලෙසම වර්තාකරණය විය යුතුය. අපේ දේ රැකගෙන දේශීය උරුමය දේශීය හැකියාවන් ලොව ඉදිරියේ හඬ නගා කිව හැකි තාක්ෂණ්යක් සමඟ අත්වැල් බැඳ ගත යුතුය. ශ්‍රීලාංකික පුරවැසියන් දැනුමින් සන්නද්ද විය යුතුය.
සියලු දේ ජය ගැනීමටනම් වැව් බැඳි රාජ්‍යය වෙබ් බැඳි රාජ්‍යයක් විය යුතුය.
වෙබ් බැඳි රාජ්‍යය තුලදී ලොව නන් දෙසින් හමුවන විවිධාකාර වූ සුපිරි තාක්ෂණයන් සියැසින් අත් විඳිය යුතුය.එයින් පාඩම් ඉගෙන අපේ දේ ඉදිරියට රැගෙන යා යුතුය.
එසේනම් මෙය වෙනස් වීමට කාලයි. නිදහසින් පසු ගෙවූ හැට දෙවසර තුලින් උගත් පාඩම් ඇසුරින් රට ගොඩනැගීමට තබන්නට යන මේ මුල් පියවර සමඟ අප සියලු දෙනා එක් වෙමු.ගොඩනගමු අපේකම එඩිතරව වෙබ් බැඳි රාජ්‍යය හරහා ඉදිරියටම.