Sunday, November 7, 2010

වැදූ මවට, උපන් රටට ණයකාරයකු නොවී මිය යන්න................

දස මසක් කුස දරා ලේ කිරි කර පොවා අප දැඩි කළ මවට කවදා නම් ඒ ණය ගෙවා නිම කළ හැකිද? එහෙත් ඒ අම්මාගේ දෑසින් අප වෙනුවෙන් සතුටු කඳුළක් හෙළීමට අපට හැකි නම් ඒ උත්තරීතර වූ මාතෘත්වයට එපමණකින් සෑහීමකට පත්විය හැකි බව අපි දනිමු.
                         එළෙසම උපන් දා පටන්ම පය ගසා සිටින මේ මහ පොළොවට අප කෙතරම් ණය ගැතිද? වැදූ මව සියළු වේදනා විඳිමින් අප බිහි කළා සේ, සියළු වේදනා අප වෙනුවෙන් අමතක කරන්නා සේ ලක් මව් තොමෝ ද ජාතියේ උපන් සියලුම දූ පුතුනට එකම අයුරකින් සහයෝගය දක්වන්නීය.
                         ඒ ලක් අම්මා වෙනුවෙන් අඩ සිය වසකට අධික කාළයක් පුරා ජීවත් වන අප ලබා දුන්නේ මොනවද? කිසිවක් නැත. හැමදාමත් අප ඇයට ඉතිරි කළේ කඳුළම පමණි. ඇගේම ඇකයේ නැළවූ දූ පුතුන් අවුරුදු තිහක් පුරාවට දෙකට බෙදී ඇය වෙනුවෙන් කුළල් කා ගත්හ. කෙතරම් වේදනාවක් එහිදී ඇයට දැනෙන්නට ඇත්ද? නිදහස දිනූ දා පටන්ම ලෝකය ඉඳිරියේ සන්වර්ධනය වෙමින් පවතින දේශයක්ය යන ලේබලය ගැසීමට තරම් අප අකාරුණික වූහ. එහෙත් මේ සෑම දෙයක් දෙසම උපේකෂා සහගතව බලාහුන් ඕ තොමෝගේ සෙනෙහසෙහි අඩුවක් කිසිවිටෙක අපට නොදැනෙන්නේය. 
                       දැන් අප තාක්ෂණය ඔස්සේ යොධ පියවරක් තබමින් සිටින්නේය. එහෙත් ඒ අම්මාගේ ආදරණීය වූ දූ දරුවන් පිරිසක් දෙකට බෙදී ඒ තාක්ෂණික දියුණුවට මඟ අවුරමින් සිටිති. ලක් අම්මාගේ නාමයෙන් ඔබට ඇය හට ද්‍රෝහි වීමට පුලුවනිද? නැත. එය ඔබට නොහැකි බව මම හොඳින් දනිමි.  
                      ඇය අප වෙනුවෙන් ඉවසූ තරම් අපට ඉවසිය නොහැක. ඇයගේ වේදනාව මඳක් හෝ සමනය කිරීමට අපට නොහැකිය. වැදූ මවගේ රත් වූ රුධිරයට මිලක් නියම කළ නොහැක්කා සේ ලක් මවගේ සුසුම් වලටද මිලක් නියම කළ නොහැක. එය ඩෙවා නිම කළ නොහැක.
             ඒ උත්තරීතර වූ අම්මාගේ දෑසින් වැටෙන කඳුළු තවරා සිනාසෙන්නට දිරි දීමට අපට පුළුවනි. ඇගේ දුවා දරුවන් ඇය කෙරෙහි ඇති ආදරය අපට පෙන්විය හැක. 
                      ඒ මතෘත්වයේ නාමයෙන් මිය යාමට මොහොතකට පෙර හෝ රට වෙනුවෙන්, උපන් දේශය වෙනුවෙන් තම මෙහෙවර ක්‍රියාවෙන්ම ඉටු කර පෙන්වමු.

No comments:

Post a Comment